මුල් පිටුව උණුසුම් පුවත් රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ(12) රාත්‍රියේ වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් රෝහල්ගත කළ පසුව අද අලුයම ඔහු මියගොස් ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයින් තෝරාගැනීම සදහා එම රැස්වීම පවත්වා ඇතැයි සඳහන් ය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 74 කි.

රෙජිනොල්ඩ් කුරේ මහතා දශක ගණනාවක් පුරා ගෙවූ සිය දේශපාලන දිවිය තුළ ආණ්ඩුකාර, අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, මහ ඇමති, රාජ්‍ය සංස්ථා සභාපති ධුර ආදි රජයේ නිලතල ගණනාවක් හෙබවීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version