මුල් පිටුව උණුසුම් පුවත් ‘වසත් සිරිය-2024’ අවුරුදු උළෙල අද ගාලුමුවදොර දී…(සජීවි)

‘වසත් සිරිය-2024’ අවුරුදු උළෙල අද ගාලුමුවදොර දී…(සජීවි)

0

“වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය මේ වනවිට ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව මෙම අවුරුදු උත්සවය සංවිධානය කරනු ලබයි.

අද පෙ.ව 7.00ට ආරම්භ වූ අවුරුදු උත්සවය අද ප.ව 5.00 දක්වා අලුත් අවුරුදු ක්‍රීඩා හා තරග ඉසව් රැසක් සමගින් දෙස් විදෙස් තරගකරුවන්ට සහභාගි විය හැකි පරිදි පවත්වනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවුරුදු උළෙලට සහභාගි වී විය.

මෙම අවුරුදු උත්සවය සඳහා මෙරට සිටින විදෙස් තානාපතිවරු, රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, මැති ඇමතිවරුන් රැසක් ද සහභාගි වී සිටී.

“වසත් සිරිය – මියැසි ප්‍රසංගය” දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් අද දින රාත්‍රී 7.00ට එම ස්ථානයේ දී ආරම්භ කෙරේ.

වසත් සිරිය අවුරුදු උත්සවයේ සජීවී විකාශය පහතින්.

සබැඳි පුවත්
‘වසත් සිරිය-2024’ අවුරුදු උළෙල ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version