මුල් පිටුව උණුසුම් පුවත් ලංකාව වටේ තෙල් ගෑස් නිධි සොයන්න නීතියෙන් ඉඩ -ගවේෂණ යළි ඇරඹේ

ලංකාව වටේ තෙල් ගෑස් නිධි සොයන්න නීතියෙන් ඉඩ -ගවේෂණ යළි ඇරඹේ

0

ශ්‍රී ලංකාව වටා මුහුදේ තෙල් සහ ගෑස් ගවේෂණ ආයෝජන සඳහා අවශ්‍ය නීතිමය රාමුව අවසන් කරන රෙගුලාසිවලට රජය අත්සන් කර තිබේ.

ඒ අනුව රට වටා හඳුනාගෙන ඇති කොටස් 900 ක පමණ මෙම තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු කඩිනමින් නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඒ සඳහා සුදුසු ආයෝජකයින් සමඟ ගවේෂණ කිරීමට ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) බලාපොරොත්තු වන බවයි.

මීට පෙර ශ්‍රී ලංකාව තෙල් හා ගෑස් ගවේෂණ හා නිෂ්පාදනය ආරම්භ කිරීමට ගත් උත්සාහයන් තුළ ප්‍රධාන වශයෙන් රටේ උතුරු වෙරළ තීරය කෙරෙහි පමණක් අවධානය යොමු කර තිබුණි.

නමුත් මෙවර රජය දිවයිනේ සෑම පැත්තකින්ම මෙම ගවේෂණ සඳහා අවශ්‍ය පරාසය සිතියම් ගත කර ඇත.

දකුණු ඉන්දියාව සහ වයඹදිග ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මන්නාරම් ද්‍රෝණියේ ඩොලර් බිලියන 260ක් පමණ වටිනා තෙල් සහ ගෑස් සම්පත් තිබිය හැකි බව ශ්‍රී ලංකාවේ හිටපු බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට 2021 වසරේදී පවසා තිබුණි.

ගවේෂණ කටයුතු මාර්තු මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා බලධාරීන් බලාපොරොත්තු වන බව ද සඳහන් ය.

2313-47_S
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version