මුල් පිටුව උණුසුම් පුවත් හම්බවුණු සල්ලි ගැන ගෝඨාභයගෙන් අහන්නැයි උසාවි නියෝගයක්

හම්බවුණු සල්ලි ගැන ගෝඨාභයගෙන් අහන්නැයි උසාවි නියෝගයක්

0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

අධිකරණය එම නියෝගය කර ඇත්තේ පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසය වෙත ය.

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් මිලියන 17.5ක මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියෝග කර ඇත.

2022 ජුලි මාසයේ පැවති මහජන විරෝධතා අතරතුර අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එම අරගලකරුවන් මෙම මුදල එහි කාමරයක අල්මාරියක් තුළ තිබී සොයාගත් බව සඳහන් ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version