Home උණුසුම් පුවත් පූර්ණ ආබාධිත විශ්‍රාමික රණවිරු ආහාර දීමනාව කපාදමයි

පූර්ණ ආබාධිත විශ්‍රාමික රණවිරු ආහාර දීමනාව කපාදමයි

0
පූර්ණ ආබාධිත විශ්‍රාමික රණවිරු ආහාර දීමනාව කපාදමයි

අභිමංසල, මිහිඳු සෙත් මැදුර හා රණවිරු සෙවන ඇතුළු සුවසහන මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අබාධිත රණවිරුවන් සඳහා ආහාර පාන ලබාදීම සඳහා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසු නිලයන්ට නේවාසිකව ප්‍රතිකාර ලබන දිනයන්හි දී පමණක් තුලවාසී සලාකයට ඇතුළත් කොට ආහාරපාන ලබාදීමට යුද හමුදාව තීරණය කර තිබේ.

අදාළ දැනුම් දීම අනුව මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි ආහාරපාල ලබාදීමේ සලාක වටිනාකම වැටපුට හිමිගැන්වීම හා අමතර සලාක ලබාදීම කොන්දේසී කිහිපයකට අදාළ වන පරිදි අවලංගු කර තිබේ.

එ අනුව වෛද්‍ය හේතුන් මත සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම ගන්වා සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසුනිල වෙත නේවාසිකව ප්‍රතිකාරකරන දිනයන්හි දී ගෙවීමේ පදනම මත පමණක් ලබාදීමට තීරණය කර ඇත. මෙසේ ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් ඉල්ලුම් කළ යුතු වේ.

මෙම මධ්‍යස්ථානවල සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් හා ළඟම ඥාතීන් වෙත ද අදාළ දැනුම් දීම අනුව අමු වියළි සලාක ඉල්ලුම් නොකිරීමට වගබලා ගන්නැයි දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here