fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැඹිලිවලට හොඳ කලක්- ඩුබායි ඉල්ලුම 3 ගුණයකින් ඉහළට

    තැඹිලිවලට හොඳ කලක්- ඩුබායි ඉල්ලුම 3 ගුණයකින් ඉහළට

    මෙරට තැඹිලි සඳහා ඩුබායි වෙළෙඳපොළේ පැවැති ඉල්ලුම තුන් ගුණයකින් පමණ මේ වන විට ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා පවසයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව හෙතම සඳහන් කළේය.

    තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා තිබෙන අතර මේ වසරේදී අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 06කි.

    පසුගිය කාලයේදී තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක්‍රමයට සිදුවීම නිසා මෙරටට විශාල විදේශ විනිමයක් අහිමිවූ බවත් එබැවින් පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සකසා තිබෙන බවත් හෙතම කියා සිටියේය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8 (දළ වශයෙන් රුපියල් 296) ක් ලැබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම, ඩුබායි වෙළෙඳ පොළේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා රුපියල් 500ක මිලක් ලැබෙයි.

    මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරල කලාපයේ රුපියල් 2500 ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවද හෙතම හෙළි කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.