තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැබිනට් තීන්දුව පටහැනියි- ඇප මුදල් ගන්නැයි මැකො දන්වයි

    කැබිනට් තීන්දුව පටහැනියි- ඇප මුදල් ගන්නැයි මැකො දන්වයි

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාර ගැනීම සහ නියමිත දිනට නාමයෝජනා බාරගන්නැයි මැතිවරණ කොමිසම ඊයේ (10) රාත්‍රී සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දීමක් කර ඇත.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙම දැනුම් දීම කර තිබේ. මෙම දැනුම් දීමත් සමඟ රාජ්‍ය පරිපාලන නිලධාරීන් තමන් ගන්නා තීන්දුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් පිළිබඳව විමතියට පත්ව සිටින බව නිවුස් වේව් වෙත දැනගන්නට තිබේ.

    ඊට හේතු වී ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂ ඇප මුදල් බාර ගැනීම නැවත දැනුම් දෙනතුු නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුතන්ත්‍රි මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ නියෝග කර තිබීමයි.

    පසුගිය 9 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීන්දුවක් අනුව එම තීරණය ගත් බව චක්‍රලේඛයක් මගින් දැනුම් දි තිබිණි. කෙසේ වෙතත් මැතිවරණයක දි මැතිවරණ කොමිසමේ තින්දුව බලාත්මක වනු ඇති බව නීති විශාරදයෝ පවසති.

    කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img