Home උණුසුම් පුවත් පාතාලයෙක් එක්ක තරුණයෙකුට පහරදුන් පොලිස් පරීක්ෂක අධිකරණයට භාරවෙයි

පාතාලයෙක් එක්ක තරුණයෙකුට පහරදුන් පොලිස් පරීක්ෂක අධිකරණයට භාරවෙයි

0
පාතාලයෙක් එක්ක තරුණයෙකුට පහරදුන් පොලිස් පරීක්ෂක අධිකරණයට භාරවෙයි

වෙන්නප්පුව නයිනමඩමේ පිහිටි හෝටලයකදී පාතාලයේ අපරාධකරුවෙක් සමඟ එක්ව තරුණයෙකුට පහරදී වීදුරු බෝතලයකින්ද හිසට පහරදී කැඩුණු ඒ බෝතලයෙන් ඉණ ප්‍රදේශයට ඇන බරපතග ලෙස තුවාල කර පළාගොස් සැඟවී සිටි පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර නැමැත්තා නීතීඥයෙකු මාර්ගයකින් ඊයේ (09) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවී තිබේ.

එහිදී හදුනාගැනීමේ පෙරටුට්වකට ඔහුව ඉදිරිපත් කිරීම සඳහා හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝකර තිබේ.

මෙම පහරදීම සිදුවූයේ පසුගිය දෙසැම්බර් 12 වෙනිදාය. එම සිදුවීමත් සමඟ පළාගොස් සැඟව සිටි මෙම පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද වෙන්නප්පුව පොලීසිය යොදවා තිබුණි. මෙතේක් පාතාල අපරාධකරු සහ ඔහුගේ ගෝලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here