Home උණුසුම් පුවත් කෝටි 100කට අලෙවිකිරීමට ගිය චෛත්‍ය සමග දෙදෙනෙක් STF දැලේ (📹 📸)

කෝටි 100කට අලෙවිකිරීමට ගිය චෛත්‍ය සමග දෙදෙනෙක් STF දැලේ (📹 📸)

0
කෝටි 100කට අලෙවිකිරීමට ගිය චෛත්‍ය සමග දෙදෙනෙක් STF දැලේ (📹 📸)

නිධානයකින් ගොඩගෙන රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ චෛත්‍යයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සොයාගෙන තිබේ.

ඒ සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනිමිනි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනු ලබන්නේ වේයන්ගොඩ සෙන්ට්‍රල් පාර්ක් යටගම නිවසකින් මෙම වෛත්‍ය සොයාගත් බවය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් එම නිවසේ පදිංචිකරුවෙක් වන අතර අනෙත් සැකකරු කෝන්ගල්ලේ පදිංචිකරුවෙක් බව විශේෂ කාර්ය බලකාය සදහන් කළේය. ඔවුන් අවුරුදු 22 සහ 34 යන වයස්වල පසුවන්නන්ය.

මෙම චෛත්‍ය මැණික් ඔබ්බවන ලද එකක් වන බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් චෛත්‍යද සමඟ වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලබාදී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here