තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව ණය හිමියන්ගේ සහතිකය ගැනීමේ අවසන් අදියරේ

    ශ්‍රී ලංකාව ණය හිමියන්ගේ සහතිකය ගැනීමේ අවසන් අදියරේ

    ශ්‍රී ලංකාව මේ වනවිට නිල ණය හිමියන්ගෙන් සහතිකය ලබාදීමේ අවසන් අදියරේ සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මේ වසරේ මුල් කාර්තුව තුළ රජය අපේක්ෂා කරන බව හෙතෙම විශ්වාසය පළකර සිටී.

    “අපි නිල ණය හිමියන්ගෙන් සහතිකය ලබාදීමේ අවසන් අදියරේ ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. මේ රටට පමණක් නොව තවත් රටවල් රැසකට මේ සහයෝගය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගෙන තියෙනවා.

    මේ වසරේ පළමු කාර්තුව තුළදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි. ඒ සඳහා අප විසින් බොහෝ දේ නිරාකරණය කර තිබෙනවා. හදුනාගත් ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම අපි මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා.

    අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමේ අවසන් අදියරේ අප මේ වන විට කටයුතු කරමින් සිටිමු. ඒ අනුව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවට සහතික වී ඇත.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) අනුරාධපුර ප්‍ර‌දේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img