Home උණුසුම් පුවත් මැතිවරණ කොමිසම මත 4ක – එක මතයකට එන්නැයි ජනපති කියයි

මැතිවරණ කොමිසම මත 4ක – එක මතයකට එන්නැයි ජනපති කියයි

මැතිවරණ කොමිසම මත 4ක – එක මතයකට එන්නැයි ජනපති කියයි

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) සන්ධ්‍යාවේ හමුවූහ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ කටයුතු පිළිබඳ මත හතරක් දැරීම පිළිබඳ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පළමුව ඔබ සිව්දෙනා බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන ලෙසයි. කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස ද වික්‍රමසිංහ මහතා පිරිස දැනුවත් කර තිබේ. ඒ සඳහා නීතිමය සහයෝගය ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

නීතිපතිවරයා එහිදී දන්වා ඇත්තේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පැවැතිය යුතු පසුබිම පිළිබඳ වන තත්ත්වයන් නීතිපතිවරයා වෙත දැනුවත් කරන ලෙසත් මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබඳ යම් නීතිමය ගැටලුවක් ඇතොත් එය විමසීමට අවශ්‍ය වන්නේ නම් සෘජුවම තමා වෙත දන්වා එවන ලෙස ද ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත 4ක් දැරීම හේතුවෙන් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here