තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිල වැඩිවීම: කැබිනට්ටුවට තීරණ ගන්න බෑ - ලංවිමෙන් ආවොත් බලනවා -PUCSL

    විදුලි බිල වැඩිවීම: කැබිනට්ටුවට තීරණ ගන්න බෑ – ලංවිමෙන් ආවොත් බලනවා -PUCSL

    නුදුරු අනාගතයේදී විදුලි බිල වැඩි කිරීමක් සිදුනොවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක මහතා පවසයි.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති දැවැන්ත ගාස්තු වැඩිවීමක් අඩු විදුලි පාරිභෝගිකයන් ගණයට අයත් නිවාසවලට දරාගත නොහැකි වනු ඇතැයි හෙතෙම අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කීය.

    සභාපති ජනක රත්නායක කියා සිටියේ විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු වැඩිකිරීමක් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වන යෝජනාව ප්‍රථමයෙන් මහජන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට තීරණ ගත නොහැකි බවත්ය.

    එම ක්‍රමවේදයට පැමිණියහොත් පමණක් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවද හෙතෙම කීය.

    පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් ජනක රත්නායක මහතා පැවසීය.

    විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බව කී රත්නායක මහතා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

    අලුතින් යෝජිත විදුලි ගාස්තු වැඩිවීම හෙට (02දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ලංවිම ඊයේ (දෙසැ. 31) නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img