fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවන්ගේ පෝෂණය නංවන්න සිරකරුවන් 2000 කට පොදු සමාව ඉල්ලයි

    දරුවන්ගේ පෝෂණය නංවන්න සිරකරුවන් 2000 කට පොදු සමාව ඉල්ලයි

    සිරකරුවන් 2000ක් එකවර පොදු සමාව යටතේ නිදහස් කරන්නේ නම්, රජයට වසරකට රුපියල් කෝටි 80 ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි අතර, එම මුදල දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට යොදා ගත හැකි යැයි වෛද්‍යවරු කණ්ඩායමක් පවසති.

    රට පුරා දරුවන් ලක්ෂ එකොළහකගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා වසරකට වැය වන්නේ රුපියල් කෝටි 66ක් පමණක් බව ද එම වෛද්‍යවරු සදහන් කරති.

    ළමා වයසේදී නිසි පෝෂණයක් නොලැබීමෙන් දරුවන්ගේ ශරීර වර්ධනය අඩුවී තර්ක බුද්ධිය හා විචාරශීලීත්වය හීන වන බව ද ඔවුහු කියති.

    එමනිසා පාසල් දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදීමට රාජ්‍ය මට්ටමෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කිරීම අවශ්‍ය බව ද එම වෛද්‍යවරු සඳහන් කරති.

    සිරකරුවන්ට ආහාර සැපයීමට රජයට වසරකට රුපියල් කෝටි 500 ක පමණ මුදලක් වැයවන බව ද වෛද්‍යවරු කියති.

    සමාව දිය හැකි ආකාරයේ සිරකරුවන්ට පොදු සමාව දීමෙන් සමාජයට අහිතකර බලපෑමක් සිදු නොවන අතර, එමඟින් ඔවුන්ගේ පවුල්වල ආර්ථික වැයවන බව ද ඔවුහු පෙන්වා දෙති.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.