Home උණුසුම් පුවත් බම්බලපිටියේ ගසක එල්ලෙමින් තිබූ බෝම්බයක් හමුවෙයි

බම්බලපිටියේ ගසක එල්ලෙමින් තිබූ බෝම්බයක් හමුවෙයි

0
බම්බලපිටියේ ගසක එල්ලෙමින් තිබූ බෝම්බයක් හමුවෙයි

පොලිත්න බෑගයක දැමූ අත්බෝම්බයක් පොලිතින් බෑගයක දමා බම්බලපිටියේ ගසක එල්ලා තිබියදී හමුවී ඇත.

මාර්ග පිරිසිදු කරන පුද්ගලික ආයතනයක සේවකයෙකු විසින් මෙම බෝම්බය ඊයේ මුලින්ම දැක තිබේ.

එම සේවකයා විසින් ඒ ගැන බම්බලපිටිය පොලීසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් කණ්ඩායමක් එහි පැමිණ එම බෝම්බය සිය භාරයට ගෙන ඇත.

මෙම බෝම්බය තිබී ඇත්තේ ගාලුපාරත් ඩුප්ලිකේෂන් මාර්ගයත් අතර බෞද්ධාලෝක මාර්ගයේ 154 බස් රථ ගාල අසල ගසකය.

කිසියම් අයෙක් විසින් මෙම ස්ථානයට මෙම බෝම්බය රැගෙන විත් මෙසේ එල්ලා යන්නට ඇති බවත් මෙය කඩාකප්පල් කාරී ක්‍රියාවක් බවට සැකකරන බවත් පොලීසිය සදහන් කරයි.

මෙම බෝම්බය මෙම ස්ථානයට රැගෙන පැමිණි පුද්ගලයාව හදුනා ගැනීමට ඒ අවට ව්‍යාපාරික ස්ථානවල ඇති ආරක්ෂක කැමරා පරීක්ෂාවක් සිදුකරන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here