Home දේශීය පුවත් උණුසුම් පුවත් සජබ ලොක්ඩවුන් ඉල්ලන්නෙ මිනිස්සු පාරට දාන්න

සජබ ලොක්ඩවුන් ඉල්ලන්නෙ මිනිස්සු පාරට දාන්න

සජබ ලොක්ඩවුන් ඉල්ලන්නෙ මිනිස්සු පාරට දාන්න

සමගි ජනබලවේගය රටම ලොක්ඩවුන් කරන්නැයි ඉල්ලන්නෙ දේශපාලන වාසියක් දිනා ගැනීමට බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කොවිඩ් 19 විවාදයට එක්වෙමින් හෙතම මේ බව පෙන්වා දුන්නේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ ද කීවේය.

ලොක්ඩවුන් කිරීමේ අතුරුපලය හොඳ වෙන්නෙ නෑ. සජබෙ ලොක්ඩවුන් කරන්න කියන්නෙ දේශපාලන වාසියක් දිනා ගන්න.

විපක්ෂය සහය දුන්නත් නොදුන්නත් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගතයුතු තීන්දුව කලට වෙලාවට ගන්නවා.

අපි දන්නවා විපක්ෂය අඩුපාඩු පෙන්වන එක හොඳයි. ඒ අඩුපාඩු හදාගන්න අපි සූදානමින් ඉන්නවා. විපක්ෂයත් මේ මොහොතේ ඔබට පැවරෙන වගකීම ඉටු කරන්න.

සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය වෙලාවට ලොක්ඩවුන් තීන්දු තීරණ ගනීවි. ඒවට කිසිදු බලපෑමක් නැහැ. ඒත් ඇයි මේ ලොක්ඩවුන් ගැන විපක්ෂය කතා කරන්නෙ. අපි දන්නවා. ජනතාව පාරට බස්සන අවස්ථාවක් උද්ගත කරගන්නයි මේ බලන්නෙ.

එදා යුද්ධය දිනාගෙන එනවිටත් මේ අය ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. ඒකට සහය දුන්නෙ නැහැ.

සාමාන්‍ය ගොවියාගේ නිෂ්පාදන විකුණා ගන්න බැරි වෙනකොට, මිනිස්සුන්ට කෑම බීම අඩුවෙනකොට ඒක කරන්න ලෙහෙසියි. අපි ඒක දන්නවා.

විපක්ෂ නායකතුමා , මාධ්‍යයේ කතා කරනවා දැක්කම මාත් හිතුවා එතුමා අවංකව කතා කරන්නෙ කියලා.හැබැයි එතුමාගෙ හක්කෙ බුදුරැස්, බොක්කෙ දඩමස්.

කිරිඇල්ල මන්ත්‍රීතුමා කියනවා ඉන්දියාවෙන් උදව් ගන්න කියලා. හැබැයි දැන් ඉන්දියාව ඉන්නෙ අපි හැමෝම ඔවුන්ට උදව් කළ යුතු තැනක යැයි හෙතම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here