Home උණුසුම් පුවත් හිටපු 16 වැනි බෙනඩික් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙති

හිටපු 16 වැනි බෙනඩික් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙති

හිටපු 16 වැනි බෙනඩික් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙති

හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අද දින වතිකානුවේදී ස්වර්ගස්ත වී තිබේ.

කලකට පටන් රෝගාතුරුව සිටි උන් වහන්සේ ස්වර්ගස්තවන විට 95 වැනි වියේ පසුවිය. උන්වහන්සේ 2013 වර්ෂයේදී තම සෞඛ්‍ය තත්ත්ව හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

16 වන බෙනඩික් පාප් වහන්සේ වසර අටකට අඩු කාලයක් පාප් වහන්සේ වශයෙන් කටයුතු කළ අතර 1415 දොලොස්වන ග්‍රෙගරී පාප්හන්සේගෙන් පසු ඉල්ලා අසුවූ පළමු පාප් වහන්සේ වන්නේද උන්වහන්සේය.

බෙනඩික්ට් පාප් වහන්සේ සිය අවසන් වසර ගත කළේ වතිකානුවේ තාප්පයේ පිහිටි Mater Ecclesiae ආරාමයේ වන අතර එහිදී ඔහු අද දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ අනුප්‍රාප්තික ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනවාරි 5 වන දින අවමංගල්‍ය කටයුතු මෙහෙයවනු ඇති බවට වාර්තාවේ.

වතිකානුව පැවසුවේ පාප් වහන්සේගේ දේහය “විශ්වාසවන්තයින්ගේ ආචාරය” සඳහා ජනවාරි 2 සිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here