Home උණුසුම් පුවත් අයිස් ගහන පොලීසියේ ගොඩට තවත් අයෙක් එකතුවේ

අයිස් ගහන පොලීසියේ ගොඩට තවත් අයෙක් එකතුවේ

0
අයිස් ගහන පොලීසියේ ගොඩට තවත් අයෙක් එකතුවේ

මොරටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී ඊයේ දෙහිඕවිට සමන්ගිරිගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිඕවිට පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සමන්ගිරිගම පිහිටි නිවසක් පරීක්ෂාවට ලක්කිරීමේදී මෙම පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු එම නිවස තුළ අයිස් භාවිතා කරමින් සිටියදීය. ඒ වන විට ඔහු සන්තකයේ අයිස් මිලිි ග්‍රෑම් 180ක්ද තිබී ඇත.

මෙම නිලධාරියා ඉඹුල්පිටිය ගොඩගම්පොල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

පොලීසියේ නිලධාරීන් රැසක්ම පසුගිය කාලය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී පොලීස් අත්අඩංගුවට පත්ව ඇති අතර එම ප්‍රමාණය 100කට වැඩිය. මේ තත්ත්වය මත පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමට සමගාවීව පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමේ අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නැගී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here