Home උණුසුම් පුවත් මේ මාසයේ උද්ධමනය පහළට

මේ මාසයේ උද්ධමනය පහළට

මේ මාසයේ උද්ධමනය පහළට

මේ මාසයේදී උද්ධමනය පහළ ගොස් තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ නොවැම්බර් මාසයේ 61% ක්ව පැවති උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එසේම නොවැම්බර් මාසයේ 73.7%ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 64.4% දක්වා අඩුවී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ “රජය ගත් අභියෝගාත්මක තීරණ මත ආර්ථිකය ස්ථාවර වීමේ මාවතට අවතීර්ණ වී ඇත. වසරින් වසර උද්ධමනය 2022 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා 61.0% සිට 57.2% දක්වා ද ආහාර උද්ධමනය 73.7% සිට 64.4% දක්වා ද පහළ බැස ඇත. නමුත් අපට තව දිගු ගමනක් අධිෂ්ඨානශිලීව ගමන් කිරීමට ඇත.” යනුවෙනි.

1 COMMENT

  1. පාර්ලිමේන්තුවට ගියාදැයි අත ඉස්සුවාද භාණ්ඩ තහනම් කරන්න ගාණක් තහනම් ඉවත් කිරිමට ගාණක් යම්යම් දේවල් වලට කොමිස් ගත්තාද වාගන ඉන්න ඕනේ. නොදන්න බොරු වාර්තා දෙන්න නෙතුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here