තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජැෆ්නා කිංග්ස් තෙවැනි වරටත් LPL ඔටුන්න දාගනී

    ජැෆ්නා කිංග්ස් තෙවැනි වරටත් LPL ඔටුන්න දාගනී

    අවසන් මහා තරගයේ දී සොෆ්ට්ලොජික් කොලොම්බො ස්ටාර්ස් පිළ කඩුලු දෙකකින් පරාජය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.

    ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා සොෆ්ට්ලොජික් කොලොම්බො ස්ටාර්ස් පිළට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඔවුන් ලකුණු 164/5 කට සිමා කිරීමට සමත්විය. දිනේස් චන්දිමාල්, රවි බොපාරා පිළිවෙලින් ලකුණු 49ක් හා 47ක් රැස්කරමින් කොළම්බො ස්ටාර්ස් කණ්ඩායම ජයග්‍රහණ බලාපොරොත්තුවක රැන්දූහ.

    ජයග්‍රහණය හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්තද අවසන් පන්දුවාරය දක්වා ඔවුන්ගේ ජය සීමා කිරීමට සොෆ්ට්ලොජික් කොලොම්බො ස්ටාර්ස් කණ්ඩායම ප්‍රභල සටනක් ලබා දුන්නේය.

    අවිශ්ක ප්‍රනාන්දු,රහමුනුල්ලා ගුරුබාස්, සධීර සමරවික්‍රම ජැෆ්නා කිංග්ස් පෙරට ගෙන ඒමට දක්ෂ පිතිහරඹයක නිරත වූහ. ගුරුබාස් පන්දු දහ අටකදී ලකුණු 36ක්, අවිශ්ක ප්‍රනාන්දු පන්දු හතළිස් තුනකදී ලකුණු 50ක්, සධීර සමරවික්‍රම පන්දු විසි හතකදී ලකුණු 44ක් රැස් කළහ.

    තරගයේ විරයා සම්මානය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු, තරගාවලියේ වීරයා සම්මානය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සධීර සමරවික්‍රමට හා නැගී එන ක්‍රීඩකයා සම්මානය එම කණ්ඩායමේම විජයකාන්ත් වියස්කාන්තට හිමිවූහ.

    සොෆ්ට්ලොජික් කොලොම්බො ස්ටාර්ස් 163/5 (20)

    ජැෆ්නා කිංග්ස් 164/8 (19.2)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img