ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී මේ වනවිට පුද්ගලයන් 139,286 දෙනෙකුගේ එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.
ඊයේ දිනය තුළ පමණක් 21,715 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදී ඇත.
පසුගිය ජනවාරි 29 වනදා සිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මෙරට තුළ එන්තත්කරණය
ආරම්භ කර තිබුණි.
ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925,242කුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.