Home උණුසුම් පුවත් වාර විභාගයෙන් 31 වැනියා වීමේ දුකට සිසුවියක් කරගත් වැඩේ

වාර විභාගයෙන් 31 වැනියා වීමේ දුකට සිසුවියක් කරගත් වැඩේ

0
වාර විභාගයෙන් 31 වැනියා වීමේ දුකට සිසුවියක් කරගත් වැඩේ
file Photo

පාසලේ වාර විභාග ප්‍රතිඵලයෙන් පංතියේ 31 වෙනියා වීමෙන් සිත්තැවුලකට පත්වූ 15 වියැති සිසුවියක් ගෙල වැලලාගෙන ඊයේ සිය දිවි හානිකරගෙන ඇත.

පාසල් යාමට සූදානම්වන අතර තුර ඇය මෙම අපරාධයකරගෙන ඇත්තේ ලිපියක්ද ලියා තබාය.

පෙර වාර විභාගයෙන් 30 වෙනියා වූ ඇය මෙවර 31 වෙනියා වීම ගැන දැඩි කලකිරීමකට ලක්ව සිට ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පූගොඩ ,පටිටියගම, ඉදිද්මල්ගම පදිංචිව සිටි සිසුවියකි.

මෙම සිසුවියගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙකි. මව ඇගළුම් කම්හල් සේවිකාවකි. ඇයට වැටිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක්ද සිටියි. ඔවුන් දෙදෙනා ද රැකියාවල නිරතව සිටින බව පූගොඩ පොලීසිය සදහන් කළේය.

ඇය විසින් පාසල් යාමට ලක ලෑස්ති වෙමින් සිටියදී සිය නිදන කාමරය තුළ මෙම අපරාධය කරගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම අපරාධය සිදුවන විට මවත් පියාත් සහෝදරයාත් නිවසේ සිට ඇත. ඒ අය මෙම සිසුවිය දිවිහානිකරගෙන ඇති බව දැක ඇත්තේ සියල්ල අවසන් වීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here