තවත්

    සහල් ආනයනය නවතී

    සහල් වර්ග ගණනාවක් ආනයනය යළි දැනුම් දෙනතෙක් තාවකාලිකව තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

    එහි දැක්වෙන්නේ නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවය.

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022 දෙසැම්බර් 09 දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    රට තුළ අවශ්‍ය සහල් තොග පවතින බැවින් ඉදිරි කාලය සඳහා සහල් ආනයනය නතර කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා මීට පෙර මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

    Gazette_Extraordinary_No_2309-40
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img