Home special මෙසී ආජන්ටිනාව අවසන් මහා තරගයට රැගෙන යයි

මෙසී ආජන්ටිනාව අවසන් මහා තරගයට රැගෙන යයි

0
මෙසී ආජන්ටිනාව අවසන් මහා තරගයට රැගෙන යයි

ක්‍රොයේෂියාව ගෝල 3-0 ලෙස පරාජයට පත්කළ ආජන්ටිනාව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කටාර් හි අද අලුයම පැවති අවසන් පූර්ව තරගයේ දී ආරම්භයේ පටන්ම ප්‍රභල සටනක් දුන් ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුතු ආජන්ටිනා ක්ණ්ඩායම ඉතා පහසුවෙන් ක්‍රොයේෂියාව පරාජය කරමින් මෙසේ අවසන් මහා තරගයේ අවස්ථාව සිය රටට හිමිකර දුන්නේය.

මෙම තරගයේ දී සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කළ ලොව සුපතල පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ආජන්ටිනා ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලි තුළ හිමිකරගත් වැඩිම ගෝල් සංඛ්‍යාවේ වාර්තාව ද තමන්ගේ නමට වෙන් කර ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ලයනල් මෙසී දිනාගත්තේය. මාධ්‍ය අමතමින් තම රට පළමු තරගය පරාජය වී පස් වතාවක් අවසන් මහා තරගයට පැමිණ ඇති බව ඔහු කීවේය.

අද ප්‍රංශය හා මොරොක්කෝව දෙවැනි අවසන් පූර්ව තරගයට මුහුණ දෙයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ ලබන 18 වැJනිදා ආජන්ටිනාව අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත.

FIFA WORLD CUP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here