Home උණුසුම් පුවත් දකුණු කොරියාව සමග සබඳතා පුළුල් කරන්න චීනය ලෑස්තියි

දකුණු කොරියාව සමග සබඳතා පුළුල් කරන්න චීනය ලෑස්තියි

දකුණු කොරියාව සමග සබඳතා පුළුල් කරන්න චීනය ලෑස්තියි

 
චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යං මහතා, චීන – දකුණු කොරියානු ව්‍යාපාරිකයන් හා හිටපු උසස් නිලධාරීන්ගේ තුන්වැනි සංවාදය අමතයි.

එම සංවාදය ඊයේ (12) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ. දකුණු කොරියාව සමග අතිනවීන තාක්ෂණ නිෂ්පාදනය, හරිත ආර්ථිකය, මහාදත්ත යන ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීම චීනයේ අපේක්ෂාව බව ලී කච්‍යං මහතා  මෙහිදී පැවසීය.

කලාපීය සහ ගෝලීය කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය  සහතික කිරීම සඳහා, චීන- දකුණු කොරියානු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවේ දෙවන අදියර කඩිනමින් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා කියාසිටියේය.

විවෘතභාවය පිළිබඳ මූලික ජාතික ප්‍රතිපත්තියෙහි රැඳීසිටින චීනය, සිය දේශීය වෙළෙඳපොළ තවදුරටත් ව්‍යාප්ත කරනු ඇත. විදේශ ව්‍යාපාරවල ආයෝජන අයිතීන් ආරක්ෂා කිරීමටත්, උසස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු  ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමටත් මෙහිදී පියවර ගැනේ. විවිධ ව්‍යාපාර අතර සාධාරණ තරගකාරීත්වය දිරිගැන්වෙනු ඇත. එසේම, දකුණු කොරියාව ඇතුළු විවිධ රටවල ව්‍යාපාර චීනය සමග සහයෝගතා ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටී.  එමගින් අන්‍යොන්‍ය ප්‍රතිලාභ මෙන්ම පොදු ජයග්‍රහණ සාක්ෂාත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන අගමැතිවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here