Home උණුසුම් පුවත් හම්බන්තොට වරාය ගැන ඕස්ට්‍රේලියාවේ උනන්දුව

හම්බන්තොට වරාය ගැන ඕස්ට්‍රේලියාවේ උනන්දුව

0
හම්බන්තොට වරාය ගැන ඕස්ට්‍රේලියාවේ උනන්දුව

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් කටයුතු පසුගිය දා නිරීක්ෂණය කර තිබේ.

හම්බන්තොට වරායේ සමස්ත ප්‍රගතිය මෙන්ම දැනට ක්‍රියාත්මකව ඇති ව්‍යාපෘති ගැන මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඇති ව්‍යාපෘති ගැන මෙහිදී මහකොමසාරිස්වරයාගේ විශේෂ අවධානයකට ලක්ව ඇත.

මෙහිදී හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතාගෙන් වරාය උත්පාදනය සහ අනාගත ව්‍යාපාර සැළසුම් ගැනද මහකොමසාරිස්වරයා සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා දකුණු පළාතේ සංචාරයක නිරතවන ප්‍රථම සංචාරයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට පැමිණ තිබීමද විශේෂිතය. වරායේ සෑම ස්ථානයක්ම පාහේ මෙම සංචාරයේදී මහකොමසාරිස්වරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

මෙම සංචාරයට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් (දේශපාලන) ෂැණන් මර්නි, පර්යේෂණ සහ තොරතුරු නිලධාරී ට්‍රිවන් ආන්නක්කාරගේ , රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනී කන්‍යා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට මහකොමසාරිස් සමඟ සහභාගිවී සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here