Home උණුසුම් පුවත් නැ‍‍‍ඟ‍ෙනහිර නගර සභා කිහිපයක ගව ඝාතකාගාර – මස් කඩ සතියක් වැසේ

නැ‍‍‍ඟ‍ෙනහිර නගර සභා කිහිපයක ගව ඝාතකාගාර – මස් කඩ සතියක් වැසේ

නැ‍‍‍ඟ‍ෙනහිර නගර සභා කිහිපයක ගව ඝාතකාගාර – මස් කඩ සතියක් වැසේ

මඩකලපුව, අක්කරෙයිපත්තු සහ කල්මුණේ නගර සභා බල ප්‍රදේශවල සියලුම ඝාතකාගාර සහ කුකුළු මස් කඩ හැර සෙසු මස් අලෙවිසැල් අද (12දා) සිට සතියක කාලයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට නියෝග කර තිබේ.

නැ‍‍‍ඟ‍ෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නැගෙනහිර පළාත් දෙපාර්තමේන්තු කොමසාරිස්වරයා විසින් මඩකළපුව, අක්කරෙයිපත්තු සහ කල්මුනෙයි නගර සභා කොමසාරිස්වරුන්ට සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර සහකාර කොමසාරිස්වරුන්ට මෙම උපදෙස් දී ඇත.

පසුගිය දින කිහිපය තුළදී උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ගවයන් හා එළුවන් 1500කට වැඩි පිරිසක් සීත කාලගුණය හේතුවෙන් මියගොස් තිබුණි.

මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් අතර ගවමස්, එළුමස් ආදිය ප්‍රවාහනය ජනපති නියෝගයෙන් නවතා දැමුණේ මහජන සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම උදෙසායි

මෙලෙස මියගිය ගවයන් හා එළුවන් මස් පිණිස භාවිත කිරීම මුළුමනින්ම තහනම් කර ඇති අතර මෙලෙස ගව ඝාතකාගාර, මස් කඩ සතියක් සඳහා වසා දැමීමට නියෝග කර ඇත්තේ ද මෙවැනි පසුබිමකදී ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරිමේ පියවරක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here