තවත්

    දසුන්ට දඩයක්

    දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට එම තරගයේ තීරකයවරයා පියවර ගෙන ති‌බේ.

    ඒ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීමේ චෝදනාව මතයි.

    කලම්බු ස්ටාර්ස් සමගින් පසුගියදා (08දා) පැවති තරගය අතරතුරදී පිටියේ විනිසුරු තීරණයකට විරෝධය පෑම හේතුවෙන් මෙම චෝදනාව එල්ල වී ඇත.

    දසුන්ට පනවා ඇති දඩමුදල අමෙරිකානු ඩොලර් තුන්දහසක් වන අතර එය රුපියල් ලක්ෂ 11කටත් වඩා අධික වේ.

    දසුන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසා ඇත.

    මෙම දඩමුදලට අමතරව දසුන්ට අසාදු ලකුණු 2ක්ද ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img