Home උණුසුම් පුවත් අයිස් ගහන්න කොල්ල කෑ මැතිසබේ පොලිස් නිලධාරියා ගෝලයෝ එක්කම දැලේ

අයිස් ගහන්න කොල්ල කෑ මැතිසබේ පොලිස් නිලධාරියා ගෝලයෝ එක්කම දැලේ

0
අයිස් ගහන්න කොල්ල කෑ මැතිසබේ පොලිස් නිලධාරියා ගෝලයෝ එක්කම දැලේ

මත්කුඩු පානය කිරීමට මුදල් සොයන්න මංකොල්ලකෑම්වල නිරතව සිටි පාර්ලිමේන්තු පොලීසියේ සේවයේ නිරතව සිටි කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ කොල්ලකල්ලියේ දෙදෙනෙක් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සමඟ එකට මත්කුඩු පානයකරන තිදෙනෙක් සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ඔවුන් කොල්ලකෑම්වල නිරතව සිට ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාවාරම්කරුවන්වය.

කලක් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි මීතොටමුල්ලේ පුද්ගලයෙකුගේ නිවසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කඩාවැදී රන් බඩු කොල්ලකෑමට ගිය අවස්ථාවේදී මෙම කල්ලියට වැඩ වරදී ඇතැයි පොලීසිය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටි මෙම පිරිස කෙරෙහි සැකසිතූ නිවසේ හිමියා ඒ ගැන විමසිලිමත් වීමේදී පොලිස් වෙසින් සිටි මෙම පිරිස පළායාමට උත්සහ දරා ඇති බවත් එහිදී එම නිවස අවට සිටි පිරිසක් විසින් ඔවුන්ව අල්ලා පහරදී වැල්ලම්පිටිය පොලීසියට භාරදී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

එම අවස්ථාවේදී එක් සැකකරුවෙක් පළාගොස් ඇති අතර ඔහු ඇතුල්කෝට්ටේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවටගත් පොලිස් නිලධාරියා ඇතුළු සෙසු සැකකරුවන් මාලඹේ සහ බත්තරමුල්ලේ පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here