තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නයිට් ක්ලබ් ගිහින් එද්දී සැප රිය ගැටෙයි - ත්‍රිරෝද රථ රියදුරු මරුට

    නයිට් ක්ලබ් ගිහින් එද්දී සැප රිය ගැටෙයි – ත්‍රිරෝද රථ රියදුරු මරුට

    රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින්‌ සිටි පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ, කොල්ලුපිටිය කාගිල්ස්‌ බැංකුව ඉදිරිපිට මාර්ගයේදී අද උදෑසන ගැටුණු ත්‍රී රෝද රථයේ රියදුරු මියගොස් තිබේ.

    බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ කාර්‌ රථයක්‌ ඉදිරියෙන්‌ එම දෙසටම ගමන්‌ කරමින්‌ සිටි ත්‍රී රෝද රථයක පසුපස ගැටී මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින්‌ බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලතක්‌ කිරීමේදී මියගොස්‌ ඇති අතර මරණකරු වයස අවුරුදු 58 ක්‌ වූ කහතුඩුව, පොලිස්ගස්ඔවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෝටර්‌ රථය පැද වූ රියදුරු අනතුරින්‌ පසු පලා ගොස්‌ ඇත.

    අනතුර සිදු වන අවස්ථාවේ කාර්‌ රථයේ කාන්තාවන්‌ තිදෙනෙකු සහ තචත්‌ පිරිමි පුද්ගලයකු සිට ඇත.

    වයස අවුරුදු 29 හා 31 චයස්‌ වල පසුවන කාන්තාවන්‌ දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත්‌ කර ප්‍රථිකාර ලබයි.

    කාර්‌ රථයේ සිටි අනෙක්‌ දෙදෙනාගෙන්‌ කොල්ලුපිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන්‌ ප්‍රකාශ සටහන්‌ කර ගෙන ඇත.

    මොවුන්‌ රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින්‌ සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවට පොලිසිය සැකකරනු ලබයි.

    මෘත ශරීරය කොළඹ ජාතික රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

    මෙම රිය අනතුර රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකලිමක්‌ රිය ධාචනය හේතුවෙන්‌ සිදු වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය කියයි.

    කාර්‌ රථ රියදුරු අත්‌අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img