තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එල්.පී.එල් ඇරඹෙයි

    එල්.පී.එල් ඇරඹෙයි

    තෙවැනි වරට පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය අද (06) සවස හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

    චාම් අයුරින් ඇරඹි මෙවර එල්.පී.එල් තරගාවලිය නිල වශයෙන් ආරම්භ වූ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂක සමන්ත දොඩන්වල සහ අයි.පී.ජී. සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ අනිල් මොහාන් මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    තරගාවලිය ආරම්භ කරමින් යාපනය කිංග්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම් පළමු තරගය මේ වනවිට පැවැත්වෙයි.

    පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 137 ලබාගත්තේය. එම ඉලක්කය හඹා යන ගෝල් ගැලැඩියේටර් කණ්ඩායාම පන්දුවාර 7ක් අවසානයේ මේ වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 54ක් ලබා සිටියි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img