Home උණුසුම් පුවත් හම්බන්තොට වරායේ නැවක් ඇතුළේ හැදෙන නත්තල් කේක්

හම්බන්තොට වරායේ නැවක් ඇතුළේ හැදෙන නත්තල් කේක්

0
හම්බන්තොට වරායේ නැවක් ඇතුළේ හැදෙන නත්තල් කේක්

පුරාණයේ සිට පැවත එන සම්ප්‍රදායක් වන නත්තල් කේක් සෑදීමේ සංකීර්ණ ක්‍රියාවලියේ පළමු අදියර හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක දී පැවැත්විණි.

වසර අවසාන නත්තල් සමය උත්සවශ්‍රීයෙන් ආරම්භ කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ නත්තල් කේක් මිශ්‍ර කිරීමේ කටයුත්තට එසේ දායක වී තිබේ.

“මේ වසරේ ශීත ඍතුවේදී ලංකාවට විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන නිසා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මෙම උත්සවය පැවැත්වීම වඩාත් වැදගත්. මෙම ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වීම ආඩම්බරයක් මෙන්ම සංචාරකයින් 2000කට අධික පිරිසක් රැගත් නෞකා දෙකක් උත්සව සමයේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට පිළිගැනීමට හැකි වීම සතුටට කරුණකි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, දකුණු පළාතේ සංචාරක ආර්ථිකය නංවාලීමට නිරතුරුව කැප වි සිටිනවා “ යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.

හම්බන්තොට කලාපයේ දේශීය කර්මාන්ත සහ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය විවිධ බහුවිධ සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, HIPG හි ප්රසධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු, HIPS හි ප්රGධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම, HIPG හි ප්රවධාන උපායමාර්ගික නිලධාරී ග්‍රෙග් චෙන් යන මහත්වරුන්, හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්, උත්සවයට සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here