Home උණුසුම් පුවත් රට ඉඳන් එවන විදෙස් මුදල් බලෙන් රුපියල් කරන කතා බොරු – මහබැංකුව

රට ඉඳන් එවන විදෙස් මුදල් බලෙන් රුපියල් කරන කතා බොරු – මහබැංකුව

රට ඉඳන් එවන විදෙස් මුදල් බලෙන් රුපියල් කරන කතා බොරු – මහබැංකුව

විදෙස්ගතව රැකියාවල නියුතු ලාංකිකයන් මෙරටට එවන ලද විදේශ විනිමය බලහත්කාරයෙන් රුපියල් බවට හරවන්නේ යැයි පැතිරෙන කටකතා මුලුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

එමෙන්ම ඔවුන්ගේ විදේශ මුදල් මත බදු පනවා ඇතැයි පැවසීම ද අසත්‍ය බව මහබැංකුව අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දැනට ඔවුන්‍ වෙත ලබාදෙන දිරිදීමනා ද එලෙසින්ම තවදුරටත් ලබාදෙන බවය.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර ඇති ප්‍රකාශය පහතින් දැක්වේ.

“විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි යන කටකතා සම්පූර්ණයෙන්ම සාවද්‍යයි.

විදේශ ප්‍රේෂණ මත කිසිදු බද්දක් අය නොකරන අතර, විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශීය විනිමය ප්‍රේෂණ, විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදු කළ හැක.

තවද, විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරිදීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිදු හෝ වෙනසක් නොමැතිව බුක්ති විඳිය හැක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here