තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාකදුරේ ටියුෂන් පංතියේ සිසුවා වෙන්නප්පුවේ පිහිණුම් තටාකයේ ගිලී මිය යයි

    මාකදුරේ ටියුෂන් පංතියේ සිසුවා වෙන්නප්පුවේ පිහිණුම් තටාකයේ ගිලී මිය යයි

    පන්නල මාකදුරේ පිහිටි උපකාරක පංතියක සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් ගොස් ලුණුවිල බොරලැස්සේ හෝටලයක පිහිණුම් තටාකයක දිය නාමින් සිටියදී එක් සිසුවෙක් දියේ ගිලී මිය ගොස් ඇත.

    මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    සදංකාව මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඩී.අයේෂ් පෙරේරා නැමැති සිසුවා මෙසේ මියගොස් තිබේ.

    බොරලැස්ස ලුණුවිල පදිංචි මෙම සිසුවා ඇතුළු 80 දෙනෙකුගේ කණ්ඩායමක් වෙන්නප්පුව පොලිස් වසමේ පිහිටි හෝටලයට පැමිණ ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය.

    සිසුන් කිහිප දෙනෙකු මෙහිදී පිහිණුම් තටාකයට බැස විනෝද වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img