තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාල්ලේ හිටපු මහේස්ත්‍රාත්වරිය බරපතල වැඩ ඇතිව වසර 10ක් හිරේට

    ගාල්ලේ හිටපු මහේස්ත්‍රාත්වරිය බරපතල වැඩ ඇතිව වසර 10ක් හිරේට

    සුරා බදු වැරදි සඳහා අයකරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී.එස්. මෙරිංචිආරච්චි මහත්මියට බරපතල වැඩ ඇතිව වසර 10කට සිරදඩුවම් අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නියම කළේය.

    එසේ ඇයට සිරදඩුවම් නියම වූයේ පොදු දේපොල පනතේ වරදක් කරළ බවට පවරා තිබුණු නඩු දෙකකටය. ඒ එක් නඩුවකට වසර 05 බැගිනි.

    මේ වන විට අධිකරණය මඟහැර සිටින විත්තිකාර මෙරින්චිආරච්චි මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු ද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නිකුත් කළේය.

    සිරදඩුවමට අමතරව ඇයට රුපියල් 22,500 ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා විසින් පනවනු ලැබීය.

    2000 වසරේ අප්‍රේල් මස 04 වනදා සහ 05 වනදා අතර කාලය තුළ සුරාබදු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල් 7,500ක දඩ මුදලක් රුපියල් 1,500ක් ලෙස සටහන් කිරීමෙන් සහ තවත් නඩුවකට නියම කෙරුණු රුපියල් 5,000 දඩ මුදලක් රුපියල් 1,500 ක් ලෙස අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ඇයට එරෙහිය ගොනුකර තිබුණි.

    විත්තිකාරිය අධිකරණය මඟහැර සිටි බැවින් මෙම නඩුව විභාග කෙරුණේ ඇය නොමැතිවය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාරිය ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීන්දුකරමින් මෙම තීන්දුව ඇයට එරෙහිව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img