Home උණුසුම් පුවත් පොලිස් පොඩ්ඩෝ සැනසෙන නැඟෙනහිර පොලිස් ලොක්කාගේ තීන්දුව

පොලිස් පොඩ්ඩෝ සැනසෙන නැඟෙනහිර පොලිස් ලොක්කාගේ තීන්දුව

0
පොලිස් පොඩ්ඩෝ සැනසෙන නැඟෙනහිර පොලිස් ලොක්කාගේ තීන්දුව

පොලිස් ස්ථානවල පැවැත්වෙන මාසික , අර්ධ වාර්ෂික සහ වාර්ෂික පරීක්ෂණවලදී සිදුකරනු ලබන අනවශ්‍ය සැරසිලි කිරීමටත් පරීක්ෂණ සඳහා පැමිණෙන පොලිස් ලොක්කන්ට සංග්‍රහ කිරීමටත් නිලධාරීන්ගේ මාසික වේතනයෙන් හා ගමන් වියදම් දීමනා මගින් මුදල් අයකර ගැනීම් වහාම නතර කරන ලෙස නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත් කොට්ඨාශභාර පොලිස් අධිකාරීවරුන්ටත් නැගෙනහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා විසින් ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

මෙවැනි ක්‍රියාවන් මින් ඉදිරියට තමන්ට වාර්තා වුවහොත් හෝ නිරීක්ෂණය වුවහොත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණයකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here