Home special තම පාපන්දු කණ්ඩායම ලැබූ පරාජය ඉහළින් සමරන ඉරාන වැසියෝ

තම පාපන්දු කණ්ඩායම ලැබූ පරාජය ඉහළින් සමරන ඉරාන වැසියෝ

තම පාපන්දු කණ්ඩායම ලැබූ පරාජය ඉහළින් සමරන ඉරාන වැසියෝ

ඉරාන පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට යාම සම්බන්ධයෙන් එරට ජනතාව ප්‍රීති ඝෝෂා නගමින් සමරා ඇති බවට වාර්තා වේ.

ජනතාව විසින් මෙලෙස ඉරාන කණ්ඩායම ෆිෆා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට යාම සැමරීමට හේතුවී ඇත්තේ මේ වනවිට එරට පවතින ආණ්ඩු විරෝධයේ ඉදිරි පියවරක් ලෙසයි.

එහිදී ඉරාන ජනතාව පවසා ඇත්තේ සිය පාපන්දු කණ්ඩායම වර්තමානයේ දැඩි ඉස්ලාම් මතධාරි ආණ්ඩුව නියෝජනය කිරීම හේතුවෙන් මෙලෙස සිය විරෝධය පාපන්දු කණ්ඩායමට පළ කරන බවයි.

ඒ අනුව මෙලෙස ඉරාන පාපන්දු කණ්ඩායමේ පරාජය සමරමින් සිටි පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

ඉරාන සමාජ ක්‍රියාකාරිකයකු වන මෙහෙරාන් සමත් නමැති පුද්ගලයා ඉරාන කණ්ඩායමේ පරාජය සමරමින් සිටින පුද්ගලයන්ට සහාය දක්වමින් සිය මෝටර් රථයේ නලාව ශබ්ද කර ඇත.

ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයකින් හිසට සිදුවූ බරපතළ තුවාලවලින් මෙම සමාජ ක්‍රියාකාරිකයා මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය තුළ මේ වනවිට දැඩි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී ඇති අතර ඊට එරට තරුණ ප්‍රජාව සෘජුව මැදිහත් වී තිබේ.

මෙහිදී කාන්තා නිදහසට බලපෑම් එල්ල වන අයුරින් එරට ආගමික නායකයන් නීති පනවා ඇති බවට තරුණ පිරිස් විසින් චෝදනා එල්ල කරන අතර ඊට විරෝධය පාමින් මෙලෙස ඔවුහු සිය උද්ඝෝෂණ මාලාවන් පැවැත්වීම සිදුකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here