තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකාව ජයගනී

    ඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකාව ජයගනී

    ඇෆ්ගනිස්ථානය කඩුළු 4කින් පරාජයට පත්කරමින් අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    ඒ අනුව තරගාවලිය 1-1 ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එක් තරගයක් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ජය පරාජයෙන් තොරව අවසන් විය.

    අද පැවැති අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබා ගත්තේය. වාර්තා පිට වාර්තා තබමින් ඇෆ්ගන් ක්‍රීඩක ඊබ්‍රහිම් සඩාන් ලකුණු 162ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හයේ පහර හතරක් සහ 4 පහරවල් පහළොවකින් වර්ණවත් විය.

    ඉතා අසීරු හා ප්‍රභල ලකුණු සංඛ්‍යාවක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. කුසල් මෙන්ඩිස් ලකුණු 67යි. පැතුම් නිශ්ශංක ලකුණු 35යි. දසුන් ශානක ලකුණු 43යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 33යි.

    කඩුලු හයක් දැවී ඇෆ්ගනිස්ථානය දෙසට ජයග්‍රහණය දෝලනය වෙමින් තිබියදී තරගය ජයග්‍රාහී මාවතට ගෙන ආ නියමුවා වූයේ චරිත් අසලංකයි. ඔහුට අනගි සහයක් දුන් දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය. පන්දු හැත්ත දෙකක දී නොදැවී ලකුණු 83ක් ලබාගත් චරිත් අසලංක තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

    තරගාවලියේ වීරයා සම්මානය ඇෆ්ගන් ක්‍රීඩක ඊබ්‍රහිම් සඩාන්ට හිමිවිය.

    ඇෆ්ගනිස්ථානය 313/8 (50)

    ශ්‍රී ලංකාව 314/6 (49.4)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img