තවත්
    මුල් පිටුවspecialතමන් වාර්තා කළ ගෝලය සැමරීම ප්‍රත්ක්ෂේප කළ ස්ව්ට්සර්ලන්ත ක්‍රීඩකයා

    තමන් වාර්තා කළ ගෝලය සැමරීම ප්‍රත්ක්ෂේප කළ ස්ව්ට්සර්ලන්ත ක්‍රීඩකයා

    ස්විට්සර්ලන්ත පාපන්දු ක්‍රීඩක එම්බෝලා අද පැවති ලෝක පාපන්දු කුසලානයේ ජී කාණ්ඩයේ තරගයේදී තමන් වාර්තා කළ ගෝලය සැමරීම ප්‍රතික්ෂේප කළේය.

    මෙලෙස එම්බෝලා විසින් සිය ගෝලය වාර්තා කරනු ලැබුවේ තමන් උපන් කැමරූන් දේශයට එරෙහිවයි. එබැවනි ස්ව්ට්සර්ලන්ත කණ්ඩායමේ සාමාජිකයින් එම්බෝලා සමඟ ගෝලය වාර්තා කිරීම සැමරීමට පැමිණියට එම්බෝලා දැඩි දුක්මුසු සහ දැඩි වරදකරුවකු ලෙසින් හැසිරනු අයරු දැක ගැනීමට හැකිවිය.

    දෙරට අතර දැඩි තියුණු තරගයක් පැවති අතර එහිදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කර ගැනීමට අවස්ථාව හිමි නොවූ අතර පළමු අර්ධය අවසන් වනතෙක් ලකුණු පුවරුව 0-0 ක් ලෙස සටහන්ව පැවතිනි. දෙවන අර්ධය ආරම්භ වීමෙන් පසු සිය සුපුරුදු ක්‍රීඩා රටාවට පැමිණි එම්බෝලා දක්ෂ ලෙස ගෝලයක් වාර්තා කරගැනීමට සමත්විය.

    25 හැවරිදි එම්බෝලා කැමරූන් දේශයේ උපත් ලැබු ඇති අතර පසුව ස්විට්සර්ලන්ත කණ්ඩායමට එක්විය. කෙසේ වෙතත් තමන් උපන් රටට ඇති ලැදියාව ලොව ඉහළතම පාපන්දු තරඟාවලියේදීද මදකටවත් අඩු නොවීම බොහොදෙනෙකුගේ කතා බහට ලක්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img