තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෝෂල් මීඩියාවල ඇඩ් දාන අයගේ බැංකු ගිණුම්වලට රිංගන ජාවාරමක් එළියට

    සෝෂල් මීඩියාවල ඇඩ් දාන අයගේ බැංකු ගිණුම්වලට රිංගන ජාවාරමක් එළියට

    සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි ඔස්සේ දැන්වීම් පලකර භාණ්ඩ අලෙවිකරන පුද්ගලයින්ගේ සූක්ෂම ලෙස රැවටීමකට ලක්කර ඒ අයගේ බැංකු ගිණුම්වල මුරපදය ලබාගෙන එම බැංකු ගිණුම්වලින් මුදල් සොරා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් ඇති බැවින් ඒ ගැන අවධානයෙන් සිටින්නැයි එවැනි දැන්වීම්කරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද එවැනි පැමිණිලි 20ක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් මහනුවරදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය කියයි. එම සැකකරුවන් තිදෙනා පුද්ගලයින් 80 දෙනෙක් රවට ලක්ෂ 60කට අධික මුදල් සොරාගෙන ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    මෙම සැකකරුවන් අතර මැදවච්චියේ අයෙක්ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අය කරනුයේ සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවිවල පලවී ඇති දැන්වීම් පරීක්ෂාකර බලා එම දැන්වීම්කරුට කථාකර අදාල භාණ්ඩය තමා මිලදී ගන්නා බව සඳහන් කරමින් එය වෙනත් පුද්ගලයෙකුට අලෙවි නොකරන ලෙස මුලින්ම ඇවිටිලි කිරීමය.

    එහිදී එම ගණුදෙනුව අනිවාර්යෙන්ම සිදුවන බව විශ්වාස තහවුරු කිරීම සඳහා බැංකු ගිණුම් අංකයක් ලබාගෙන ඊට අන්තර් ජාල බැංකු ගණුදෙනුවක් ලෙස සුළු මුදලක් බැරකරනු ලබයි.

    මෙවන් ගණුදෙනුවක් කිරීමේදී ගිණුම් හිමියාට බැංකුවෙන් කෙටි පණිවුඩයක් ඔහුගේ ජංගම දුරකතනයට ලැබෙයි. මෙම වංචාව සිදුවන්නේ එම කෙටි පණිවුඩය ඔස්සේ ගිණුම් හිමියාට ලැබෙන අන්තර් ජාලය ඔස්සේ බැංකු ගිණුමට පිවිසිය හැකි මුර පදය හෙවත් OTP අංකය ලබා ගනිමිනි. මෙම අංකය ගැන නිසි දැනුමක් නොමැති බොහෝ අය එම අංකය ලබාදෙන බවත් එම අංකයෙන් මෙම ජාවාරම්කරුවන් බැංකු ගිණුමට රිංගා මුදල් සොරාගෙන ඔවුන්ගේ වෙනත් ගිණුමකට බැරකර ගනිමින් ඒ.ටී.එම්. කාඩ්පත් මගින් එම මුදල් ලබාගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව කියයි.

    මෙම සැකකරුවන් තිදෙනාම මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෝය. ඔවුන් ඒ සෑම මුදලක්ම මත්කුඩු භාවිතයට යොදාගෙන ඇති බව හෙළිවී ඇත. සොරාගන්නා මුදල් බැරකිරීමට භාවිතා කරනුයේද වෙනත් පුද්ගලයින්ගේ හැදුණුම්පත්වලට සකස්කර ඇති බැංකු ගිණුම් බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img