තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දනුෂ්කට ඇප - ටින්ඩර් සහ Dating apps දිහා බලන්නත් තහනම්

    දනුෂ්කට ඇප – ටින්ඩර් සහ Dating apps දිහා බලන්නත් තහනම්

    ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර චෝදනා මත එරට රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරට අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

    ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සහ රජයේ සහය හිමි වූ බවට අධිකරණය හමුවේ කරුණු දැක්වීමකින් පසු ඩොලර් 150,000 ක ඇපයක් පිරිනැමීමෙන් පසුව ය.

    මහේස්ත්‍රාත් ජැනට් වෝල්ක්විස්ට් විසින් මෙහිදී දනුෂ්කට මුදල් ඇපයට අමතරව, දිනපතා පොලිසියට වාර්තා කිරීම, රාත්‍රී 9 සිට උදේ 6 දක්වා ඇඳිරි නීතිය එනම් පිටතට යාම තහනම් වීම, පැමිණිලිකරු කිසිදු ලෙසකින් සම්බන්ධ කර නොගැනීම සහ ටින්ඩර් සහ Dating apps වෙත ප්‍රවේශ වීම තහනම් කිරීම ඇතුළු කොන්දේසි මත ඇප ලබා දී ඇත.

    නොවැම්බර් 7 වන දින ඩව්නිං සෙන්ටර් උසාවියෙන් කළ මුල් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඉන්පසුව ඔහු රාත්‍රී 11ක් අත්අඩංගුවේ ගත කර ඇත.

    ඔහුගේ නීතීඥයින් නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇප ඉල්ලීමක් කර ඇති අතර එය දෙසැම්බර් 8 වනදා විභාග කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, මෙම කාරණය අද ප්‍රාදේශීය උසාවි ලැයිස්තුවේ යළි සළකා බැලුණේ, විත්තියේ නීතිඥ මුරුගන් තංගරාජ්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගුණතිලක නිදහස් කරන ලෙස ඉල්ලූ විට ය.

    ඇප ලබාදුනහොත් සිදුවිය හැකි පිළිගත නොහැකි අවදානම් දෙකක් ඇති බවට පොලිසිය අධිකරණයේදී තර්ක කර ඇත. එනම් විත්තිකරු පෙනී නොසිටීම සහ ඔහු පැමිණිලිකරුගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට ඇති ඉඩකඩයි.

    මෙම සිද්ධියට අදාළ කාන්තාව පවසා ඇත්තේ ‘ශ්‍රී ලංකාවේ නම් සහිත නාඳුනන පුද්ගලයින් විසින් ඇයට සමාජ මාධ්‍ය හරහා හිරිහැර කරන’ බවත් එම නිසා ඇයගේ සමාජ ජාල ගිණුම වසා දැමීමට සිදු වූ බවත්ය.

    අත්අඩංගුවට ගැනීමෙන් පසුව “සමාජ මාධ්‍ය මගින් කාරණා” සිදුවී ඇති නමුත් ඒවා ගුණතිලකගේ කිසිදු පෙළඹවීමක් හෝ දිරිගැන්වීමක් මත සිදුවූ ඒවා නොවන බවත් විත්තියේ නීතිඥයා පැවසීය.

    පැමිණිලිකරුගේ ලිපිනය දනුෂ්ක ගුණතිලකටද මතක ඇතැයි ඇය තර්ක මෙහිදී කර ඇත.

    තම සේවාදායකයාට “ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයක් සහ [ශ්‍රී ලංකා රජය] සහාය දක්වන” බව තංගරාජ් මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

    ‘ඔහු ඔහුගේ ඇප කඩ කළහොත්, ඔහුගේ වෘත්තීය ජීවිතය අවසන් වනු ඇත,’ යැයි ද අධිකරණයේදී ඔහු පැවසීය.

    කිසිදු අපරාධ වාර්තාවක් නොමැති දනුෂ්ක ගුණතිලකට 2024 වන තෙක් නඩු විභාගයට මුහුණ දීමට අපහසු වනු ඇතැයි අධිකරණය විසින් ප්‍රකාශ කරන ලදී.

    තංගරාජ් පැවසුවේ ගුණතිලක ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නම්, “ඇත්ත වශයෙන්ම ඔහු මෙම තත්වයන් යටතේ ඇප මත සිටින” බවයි.

    ඔහුගේ සේවාදායකයා පොලිස් සම්මුඛ සාකච්ඡාවකට එකඟ වූ බවත් මෙහිදී ඔහු පවසා තිබේ. එමෙන්ම මෙම සිදුවීමේදී, ‘ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් ප්‍රතික්ෂේප කළ බවත්’ සහ ‘කැමැත්තක් නැතුව සිදුකළා ය යන කරුණ ප්‍රතික්ෂේප කළ බවත්’ ඔහු පැවසීය.

    පොලිසිය පවසන්නේ ගුණතිලක 29 හැවිරිදි කාන්තාව සමඟ ඇගේ නිවසට ගිය අතර එහිදී ඔහු “ඇය මතින් හැසිරෙමින්” ඇයව සිප ගනිමින් ස්පර්ශ කළ බව කියනු ලැබේ.

    ‘පැමිණිලිකරු විත්තිකරුගෙන් ඉල්ලා සිටියේ කරුණාකර එය ප්‍රමාද කරන ලෙස’ පොලිස් කරුණු සඳහන් කරයි.

    මෙම නඩුව ජනවාරි 12 වැනිදා නැවත කැඳවනු ලැබේ.

    31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක නොවැම්බර් 6 වන දින අලුයම සසෙක්ස් වීදියේ හයට් රීජන්සි හෝටලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ එංගලන්තයට එරෙහිව විස්සයි20 ලෝක කුසලාන පරාජයෙන් පසු ඔහුගේ කණ්ඩායම ඔහු නොමැතිව ගෙදර යාමට පෙරය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img