Home උණුසුම් පුවත් මුහුණුපොතෙන් ඇපල් ෆෝන් පෙන්වා වංචා කල සරසවි සිසුවෙක් අත්අඩංගුවට

මුහුණුපොතෙන් ඇපල් ෆෝන් පෙන්වා වංචා කල සරසවි සිසුවෙක් අත්අඩංගුවට

0
මුහුණුපොතෙන් ඇපල් ෆෝන් පෙන්වා වංචා කල සරසවි සිසුවෙක් අත්අඩංගුවට

අඩු මුදලට ඇපල් දුරකතන ලබාදෙන බව මුහුණු පොතේ දැන්වීම් පලකර මුදල් වංචාවක නිරතවූ මොරටුව විශ්ව විද්‍යාලයේ සිව් වැනි වසරේ සිසුවෙකු උහන පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර කොස්ගල පදිංචිකරුවෙක් වන මෙම විශ්ව විද්‍යාල සිසුවා අම්පාර අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සිසුවා රෙදිපිළි තාක්ෂණය පිළිබදව උපාධි අපේක්ෂකයෙකි. අන්තර්ජාලයෙන් කළ මෙම වංචාවට හසුවූ උහන කුමාරිගම පදිංචි කාන්තාවක් ඇතුළු දෙදෙනක් විසින් කළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. එම දෙදෙනාට මෙම සිදුවා වංචාකර ඇති මුදල රුපියල් තුන්ලක්ෂ අනූ දහසකි. මෙසේ තවත් විශාල පිරිසකට මෙම සිසුවා වංචා කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here