තවත්
    මුල් පිටුවspecialවිස්සයි 20 ලෝක ක්‍රිකට් කිරුළ එංගලන්තය දිනාගනී

    විස්සයි 20 ලෝක ක්‍රිකට් කිරුළ එංගලන්තය දිනාගනී

    විස්සයි 20 ලෝක ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (13) සමත් විය.

    අවසන් මහා තරගයේ දී කඩුලු පහකින් ඔවුන් අතින් පරාජයට පත්වූයේ පාකිස්ථානු කණ්ඩායමයි. මෙල්බන් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීම පාකිස්ථාන කණ්ඩායමට භාර කළේය.

    විශාල ලකුණු සංඛ්‍යාවක් බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායම ලකුණු 137කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

    පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් සැම් කරන් පන්දුවාර 4 ක දී ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තේය. අදිල් රෂීඩ් පන්දුවාර 4ක දී ලකුණු 22කට කඩුලු 2ක් සහ චාල්ස් ජෝඩන් ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්හ.

    පාකිස්ථානය වෙනුවෙන් පිත්තෙන් දස්කම් පෑ ෂාන් මසූඩ් පන්දු විසි අටක දී ලකුණු 38ක් ලබාගත් අතර නායක බාබර් අසාම් පන්දු විසි අටක දී ලකුණු 32ක් ලබා ගත්තේය.

    ලකුණු 138ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනෙකුම පන්දුවාර 6ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් එංගලන්තය එම පන්දුවාර හයට ලකුණු 49ක් ලබාගත්තේය.

    මුල්පෙල පිතිකරුවන් අතර සාර්ථක වූ නායක ජොස් බට්ලර් පන්දු 17ක දී ලකුණු 26ක් ලබාගත්තේය. බෙන් ස්ටොක් එංගලන්ත පිලේ ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් පන්දු හතළිත් නවයක දී ලකුණු 52 ලබා ගත්තේය‍

    පාකිස්ථානය 137/8 (20)

    එංගලන්තය 138/5 ( 19)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img