මුල් පිටුව උණුසුම් පුවත් ඔරුවක් පෙරලී දැරියන් 3ක් අතුරුදන්

ඔරුවක් පෙරලී දැරියන් 3ක් අතුරුදන්

0

සූරියවැව මහවැලි කඩආර වැවේ ඔරු පැදීමට ගිය අට දෙනෙකු රැගත් ඔරුවක් අද පෙරවරුවේ වැව මැදදී පෙරලී ඇත.

මෙම අනතුරින් දියේ ගිලුණු 05 දෙනෙක් ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන ඇති අතර වයස අවුරුදු 10ත් 18ක් අතර වයස්වල පසුවන ගැහැණු දරුවන් 03 දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

එම දරුවන් තිදෙනාව සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මේ වන විට මෙහෙයුමක් දියත්කර ඇත.

මෙසේ අනතුරට ලක්ව සිටින අය කුරුණෑගල පිහිඹුව පදිංචිකරුවන් පිරිසකි. සූරියවැව ඥාති නිවසක පැවති දානමය පිංකකටට සහභාගිවීමට පැමිණ මෙම අනතුරට ලක්ව ඇත්තේ මාළු ඇල්ලීමට යොදා ගන්නා කුඩා ඔරුවක නැගී ඔරු පැදීමට ගොසිනි. මෙම ඔරුවේ ගමන් කිරීමට හැකියාව ඇත්තේ දෙදෙනෙකුට පමණක් බවද පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version