මුල් පිටුව උණුසුම් පුවත් මිරිහානේ ගෙයක් බින්ඳ සැකකරුගේ නිවසින් ෆෝන් 195ක් මතුවෙයි

මිරිහානේ ගෙයක් බින්ඳ සැකකරුගේ නිවසින් ෆෝන් 195ක් මතුවෙයි

0

නුගේගොඩ පිහිටි නිවසක් බිඳ රුපියල් ලක්ෂ 13ක සොරකමක් ගැන කළ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ බොරැල්ලේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ජංගම දුරකතන 195ක් හමුවී තිබේ.

ආසිරි මනෝජ් ප්‍රියංකර නැමැති 37 වියැති එම සැකකරු බොරැල්ල හල්ගහවත්තේ පදිංචිකරුවෙකි. ජංගම දුරකතන තොගය හමුවී ඇත්තේ එම නිවසේ තිබියදීය.
දුරකතනවලට අමතරව එම නිවසේ තිබී විවිධ වර්ගයේ ඉමිටේෂන් භාණ්ඩද රැසක් සොයාගෙන ඇත.

මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. ඒ ඊයේ (11) ය.

මෙම සැකකරු මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටින්නෙක් බවද අනාවරණය වී තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version