Home උණුසුම් පුවත් තුන්කොන් පෙම නිසා බිරිඳ සමඟ ගැටුණු සැමියා පොලීසියේදී ගෙල කපාගනී

තුන්කොන් පෙම නිසා බිරිඳ සමඟ ගැටුණු සැමියා පොලීසියේදී ගෙල කපාගනී

0
තුන්කොන් පෙම නිසා බිරිඳ සමඟ ගැටුණු සැමියා පොලීසියේදී ගෙල කපාගනී

කිලිනොච්චිය පොලිස් ස්ථානය තුළදී ඊයේ සවස පුද්ගලයෙක් තියුණු මුවහත් තලයකින් සිය ගෙල කපාගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සහ දරා තිබේ.

ගෙල කපා ගැනීමෙන් බරපතල තත්ත්වයේ සිටින අයියකච්චි හී පදිංචිකරුවෙක් වන ලෝරන්ස් ඇන්ටනිකා නැමැති ඔහු කිලිනොච්චිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙසේ එම පුද්ගලයා ගෙල කපාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහ දරා ඇත්තේ ඔහුගේ බිරිඳ ඔහුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.

මෙම පුද්ගලයා සිය බිරිඳ සහ බිරිඳගේ පැරණි පෙම්වතා සමඟ කිලිනොච්චිය පරන්තන් හන්දියේදී ආරවුලක පැටලි සිට ඇතැයි පොලීසිය කියයි.

එම අවස්ථාවේදී පරන්තන් හංදියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මැදිහත්ව ගැටුමක් බවට දුරදිග යමින් තිබුණු එම ආරවුල වලක්වා තිබේ. එම අවස්ථාවේදී බිරිඳගේ පැරණි පෙම්වතා පළාගොස් ඇත.

පොලීසිය මෙහිදී බිරිදත් සැමියාවත් කිලිනොච්චිය පොලීසියට යොමුකර ඇත. සැමියා විසින් ගෙලකපාගෙන ඇත්තේ එහිදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here