Home උණුසුම් පුවත් කෝටියක මුදල්-රන් කොල්ලකෑ පොලිස් කණ්ඩායමක් හැංගිලා

කෝටියක මුදල්-රන් කොල්ලකෑ පොලිස් කණ්ඩායමක් හැංගිලා

0
කෝටියක මුදල්-රන් කොල්ලකෑ පොලිස් කණ්ඩායමක් හැංගිලා

ඉන්දියාවට ගොස් රෙදි පිළි රැගෙන පැමිණෙමින් සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් පැහැරගෙන ගොස් ඔවුන් සතුව තිබුණු රුපියල් කෝටියකට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් සැඟවී සිටින පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම කොල්ලය සිදුව ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් පෑලියගොඩ වනවාසල මාර්ගයත් අතර කොටසේදී පසුගිය 10 වෙනිදා අලුයම් කාලයේදීය.

අමෙරිකානු ඩොලර් 3800ක්, විස්කි බෝතල් 09ක් සහ පවුම් 56.25ක රන් භාණ්ඩ තොගයක් මෙසේ කොල්ලකෑමට ලක්ව ඇත. කොල්ලකෑ දේපල වල මුළු වටිනාකම ගණනයකර ඇත්තේ රුපියල් එක්කෝටි දෙලක්ෂ තිස්පන්දහස් හාරසියයක මුදලකටය.

උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකුගෙන් සමන් විත මෙම කොල්ලකල්ලිය පුද්ගලික වෑන් රථයකින් ගොස් මෙම කොල්ලය සිදුකර ඇති බව පොලීසිය කියයි.

ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව ඇතුළු පුද්ගලයින් තිදෙනා ගුවන් තොටුපොලේ සිට ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන් කරමින් සිටි වෑන් රථයේ මග හරස්කර ඔවුන්ව පොලිස් නිලධාරීන් සිටි වෑන් රථයට නන්වාගෙන ඉන්දියාවේ සිට හොරට රත්තරන් රැගෙන පැමිණ ඇතැයි පවසනිම් ඔවුන් මතුව තිබුණු රන් භාණ්ඩ සහ මුදල් ඇතුළු දේපොල සිය භාරයට ගෙන ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. අනතුරුව මෙම කොල්ලකාර පොලිස් නිලධාරීන් අලුයම් කාලයේ පෑලියගොඩ පොලිස් ස්ථානයටද ඔවුන්ව රැගෙන ගොස් අනතුරුව මුදාහැර ඇත්තේ රන් භාණ්ඩ හා දේපොල කොල්ලකාය.

මේ ගැන එම පුද්ගලයින් බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට පැමිණිලිකර ඇති බවත් ඒ අනුව විමර්ශනයක් ආරම්භ වී ඇති බවත් පොලීස් තොරතුරු සඳහන් කළේය.

එම විමර්ශනයත් සමඟ පොලිස් නිලධාරීන් සිව් දෙනා පළාගොස් ඇති අතර ඔවුන්ගේ වැඩ තහනම් කිරීමටද මේ වන විට පියවර ගෙන ඇත. මෙම පොලිස් කණ්ඩායම කාලයක් තිස්සේම මෙවැනි අපරාධවල නිරතව සිට ඇති බව ද මේ වන විට අනාවරණය වෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here