Home උණුසුම් පුවත් ගිංගඟේ දිය නෑ සිසුන් දෙදෙනෙක් දියරකුසාට බිලි

ගිංගඟේ දිය නෑ සිසුන් දෙදෙනෙක් දියරකුසාට බිලි

0
ගිංගඟේ දිය නෑ සිසුන් දෙදෙනෙක් දියරකුසාට  බිලි

ගිංතොට ප්‍රදේශයෙන් ගිං ගඟේ මෝය ආසන්නයේ දිය නාමින් සිටි සිසුන් සිව් දෙනෙකු අතරින් දෙදෙනෙක් දියේ ගිලී අද සවස මියගොස් තිබේ.

වයස අවුරුදු 14ක් සහ 15ක් වන සිසුන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇතැයි ගාල්ල පොලීසිය කියයි.

මෙම සිසුන් දෙදෙනා ඇතුළු සිසුන් සිව් දෙනෙක් දිය නෑමට පැමිණ ඇත්තේ වැඩිහිටියන් දැනුවත් කිරීමෙන් පසුව බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

සෙසු සිසුන් දෙදෙනා වැඩිහිටි සිසුන්ය. ඔවුන් ගාල්ල නාවින්නේ අරාබි පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here