තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"සනත් නිශාන්ත ස්කෝලෙ ගියාට පස්සෙ පොතක්පතක් කියවලා නෑ" - මහාචාර්ය රාජ් සෝමදේව

    “සනත් නිශාන්ත ස්කෝලෙ ගියාට පස්සෙ පොතක්පතක් කියවලා නෑ” – මහාචාර්ය රාජ් සෝමදේව

    රාජ ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රකාශයෙන් තේරෙන්නේ හුඟක් දෙනා ස්කොලෙ ගියාට පසුව පොතක් පතක් කියවලා නෑ කියන එක යැයි පුරාවිද්‍යා මහාචාර් ය රාජ් සෝමදේව මහතා පවසා තිබේ.

    නෙත් එෆ් එම් ගුවන් විදුලියේ ඊයේ රාත්‍රි විකාශය වන වැඩසටහනක් අතරතුර දී මාධ්‍යවේදී නුවන් ලියනගේ විසින් අපි පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පටන්ගත් ජාතියක් දැයි මහාචාර් ය රාජ් සෝමදේව මහතාගෙන් විමසුවේය.

    මේ සඳහා ආසන්න හේතුව වී තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිංහල ජාතිය පුත්තලමෙන් ආරම්භ වූ බවට පසුගියදා ආරච්චිකට්ටුවේ පැවැති දේශපාලන රැලියක දී කළ ප්‍රකාශයයි.

    ඊට පිළිතුරු දෙමින් මහාචාර් ය රාජ් සෝමදේව මහතා මෙසේ කීවේය.

    ඕක තමයි ස්කෝලවල්වල උගන්වන දේ. ස්කෝලෙ පමණක් නෙමෙයි අපේ අධ්‍යාපන ධාරාව තුළ තිබෙන්නේ මහා වංශය පදනම් කරගත්ත ඓතිහාසික ප්‍රවෘත්තියක් නේ අපි කියන්නේ. මේ විජය කියලා කෙනෙක් කණ්ඩායමක් එක්ක ඇවිල්ලා තම්මැන්නාවට ගොඩබැස්සය කියලා කිවුවම මේ තම්මැන්නාව තියෙන්නෙ වයඹ කොටසට වෙන්නනේ.

    එහෙම බැලුවම පුත්තලම් දිස්ත්‍රික්කය කියන එක හරි. මම ඒකෙන් තේරුම්ගත්ත දේ තමයි ලොකු වගකීමක් තියෙන්නෙ විද්වතුන් හැටියට අපට.ඒ ප්‍රකාශය කරලා තිබුණේ රටේ දේශපාලනයට සම්බන්ධ මහත්මයෙක් නේ. ඒ අය රාජ සභාව නියෝජනය කරන අය.

    ඒ අයත් රටේ ඉතිහාසය සම්බන්ධයෙන් එවැනි තැනක ඉන්නවා නම් ඒක එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉතිහාසය ගැන කතාකරනවා නම් අපි කියන්න ඕනි හුඟක් යථාවත් වෙච්ච තොරතුරුයි. ඒ කියලා තියෙන්නෙ ඒ මහත්තයා වගේම රටේ අනෙක් නෝනලා මහත්තයලා ඉගෙනගත්ත ඉතිහාසයෙන් දැනගත්ත දේ.

    මෑතකාලයේ පර් යේෂණ කටයුතුවලින් ඒවා හුඟක් වෙනස් වෙලා නේ තියෙන්නෙ. ඒකෙන් අපට තේරෙන්නෙ හුඟක් දෙනා ස්කෝලෙ ගියාට පස්සෙ පොතක් පතක් කියවලා නෑ කියලා තමයි අපට තේරෙන්නෙ. මේ වැඩසටහනට හෝ සවන් දුන්නා නම් කිසිම කෙනෙක් එහෙම කියන එකක් නෑ.

    මට කියන්නෙ තියෙන්නෙ ඒ පැරණි දැනුම මත ඉඳගෙන තමයි ඒ ප්‍රකාශය කරලා තියෙන්නෙ. ඉතිං දැනුම යථාවත් කරලා ඒ ප්‍රකාශයේ ඇත්ත යුත්තිය බලනවා නම් ඒ ප්‍රකාශයට එතරම් අර් ථයක් තියෙන බව අපට පේන්නෙ නෑ. ඔය කියූ මහත්වරු හා නොකියූ මහත්වරු සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ රටේ ඉතිහාසය, රටේ ජනගහනය‍ ආගමික ඉතිහාසය, ඒවා ගැන කතා කරනවා නම් ටිකක් වගකිවයුතු ආකාරයට ඒක කතා කළ යුතුයි.

    පිළිණු දැනුම පාවිච්චි කරලා අපට සමාජයක් රටක් ගෙනයන්න පුළුවන් කමක් නෑ. සිංහල ජාතිය ආරම්භ වන්නේ පුත්තලමෙන් කිවුවම ඒක බරපතල ප්‍රකාශයක්. මින් ඉදිරියට හෝ ඉතිහාසයේ යථාවත් වූ දැනුම අරගෙන මෙවැනි ප්‍රකාශ කරනවා නම් ඒක හොඳයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img