යුරෝපීය රටවල සහ ඇමරිකාවේ ජීවත්වන ධනවතුන්ගේ බැංකු ගිණුම් දත්තයන් සොරාගෙන අන්තර්ජාලය ඔස්සේ මුදල් සොරාගෙන එම මුදල් මෙරට පුද්ගලයින්ගේ ගිණුම්වලට බැර කිරීමේ සංවිධානාත්මක ජාවාරමකට අත්අඩංගුවට ගැනීීමට සොයමින් සිටි පුද්ගලයෙක් ඊයේ (01) ඩුබායි බලා යාමට කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුුණාමලයේ කින්යාහී පාවනාසකුලම් ගම්මානයේ පදිංචිකරුවෙක් වන එම සැකකරු 39 වියේ පසුවන්නෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේ කැනඩාව, ඇමරිකාව, එංගලන්තය වැනි රටවල රැකියාවල නිරතව සිටින සහ පදිංචිව සිටින උතුරු – නැගෙනහිර පළාත්වලට සම්බන්ධ පුද්ගලයින් විසින් එම රටවල ධනවතුන්ගේ බැංකු ගිණුම් දත්තයන් සොරාගන්නා බවය. අනතුරුවව ඔවුන් අන්තර් ජාලය ඔස්සේ එම ගිණුම්වලට රිංගා එම මුදල් මෙරට සිටින ඔවුන් ජාලයට සම්බන්ධ අයගේ ගිණුම්වලට බැරකරන බවද අජිත් රෝහන මහතා කීය. මෙරටට මුදල් ලැබීමත් සමග එම මුදල් ගිණුමෙන් ඉවත්කර වෙනත් ගිණුමකට මාරුකරන බවත් මාසයකට පමණ පසු එසේ මාරුකළ ගිණුමේ ඇති මුදලින් කොටසක් තමාගෙන ඉතිරි මුදල් ඇමරිකානු ඩොලර්වලට පරිවර්ථනය කර මෙම ඡාවාරමේ නිරත පිටරට සිටින පුද්ගලයින්ට බැර කෙරෙන බවද අජිත් රෝහන මහතා පැවැසීය.
ඩුබායි බලා ගමන් කිරීමේ සූදානමින් කටුනායක ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බැංකු ගිණුමකට පමණක් එසේ බැරවී ඇති මුදල රුපියල් මිලියන 86 ක් වන බව ද අජිත් රෝහන මහතා කීය.
මෙම ඡාවාරමට සම්බන්ධ ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකීය සම්බවවයක් ඇති පුද්ගලයෙක් ඉකුත් වසරේ මුල් මාස කිහිපය තුළ පපමණක් මෙරටට රුපියල් මිලියන 1,440 ක මුදලක් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම්වලට එවා ඇති බවටත් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇතැයිද අජිත් රෝහන මහතා සදහන් කළේය. එම මුදලින් අඩකට වවැඩි ප්‍රමාාණයක් නැවතත් ඇමරිකාවේ බැංකුවක ගිණුමකට බැරවී ඇති බවත් මෙම ඡාවාරමට සම්බන්ධ මෙරට බැංකු ගිණුම්වලට මුදල් බැරවූ කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.