Home උණුසුම් පුවත් තානාපති සමරසිංහ ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයාත් වෙයි

තානාපති සමරසිංහ ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයාත් වෙයි

තානාපති සමරසිංහ ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයාත් වෙයි

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම මෙක්සිකෝව සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල් සඳහා ද පත්කළ තානාපති මහින්ද සමරසිංහ මහතා, පසුගියදා (28) වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ (Organization of American States-OAS) ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස සිය අක්තපත්‍ර බාරදී තිබේ.

ඒ එහි මූලස්ථානයේ දී මහලේකම් තානාපති ලුයිස් ඇල්මැග්‍රෝ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වමිනි.

එම සංවිධානයේ නිරීක්ෂක තත්වය ලබා ඇති රටවල් 71 අතර ශ්‍රී ලංකාවද වේ.

හිටපු තානාපතිවරයෙක්, විදේශ අමාත්‍යවරයෙක් සහ සෙනෙට් සභිකයෙක් වූ මහලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා තානාපතිවරයා, වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ මේ දක්වා ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව විස්තර කළේය.

එසේම රටවල් 35කින් සමන්විත OAS කලාපය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජනය සාපේක්ෂව ඉතා අවම බව ප්‍රකාශ කළ මහින්ද සමරසිංහ මහතා, ශ්‍රී ලංකාව සහ OAS කලාපයේ රාජ්‍යයන් සමග සබඳතා පුළුල් කිරීමේ පාලමක් ලෙස OAS භාවිතා කිරීමේ හැකියාව පිළිබදව කල විමසුමට මහලේකම්වරයාගෙන් ලැබුණේ ඉතා ධනාත්මක සහ දිරිගන්වනසුළු ප්‍රතිචාරයකි.

කලාපයේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වාණිජ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ඇති අවකාශ පිළිබදවද මෙහිදී දීර්ඝව සාකච්ජා කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here